පැටවා බිහි කරන්න සූදානමින් සිටි ගැබිණි කෙනෙර ඝාතනය කළ සැකකරුවන් සොයා පරීක්ෂණ (ඡායාරූප)

පලුගස්වැව බෙල්ලන්කඩවල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද ගැබ්බර කෙනරකගේ මරණ පරීක්ෂණය අද (09) පස්වරුවේ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍යවරු විසින් සිදු කරනු ලැබුවා.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති කෙනර වයස අවුරුදු 25ක් පමණ වන ගැබ්බර කෙනරක බවටයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

උස අඩි හත හමාරක් පමණ වන එම කෙනර පැටවා බිහිකිරීමට ආසන්නව සිටි සත්වයෙක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මල්කන්ද හා රිටිගල යන රක්ෂිතවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලි රංචුවක සිටි කෙනරක බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ කිසියම් පුද්ගලයකු විසින් මෙම කෙනරට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ද සිදු කළ මූලික විමර්ශණවලදී වනජීවී නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඝාතනය සිදුකළ අපරාධකරු එම කෙනරගේ හිසට තබා ඇති වෙඩි පහරක් හේතුවෙන් හිස අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුව ඇති හානි හේතුවෙන් මරණය සිදුවී ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ.

මරණ පරීක්ෂණයේදී හමුවූ එම ගැබිණි කෙනරගේ කුස තුල වූ කලය මාස 18ක් පමණ වන හොදින් වැඩුණු අංග සම්පූර්ණ කලලයක් බවට වනජීවී නිලධාරීන් තහවුරු කර ගත් අතර එම කෙනෙර නුදුරේදීම එම පැටවා බිහි කිරීමට සිට ඇති බව ද තහවුරු වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු එම කෙනරගේ මළ සිරුර ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාගේ අධීක්ෂණයෙන් එම ස්ථානයේදීම මිහිදන් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගැබ්බර කෙනරක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් හබරණ පොලිස් ස්ථානය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැබ්බර කෙනරගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් විමර්ශණ ආරරම්භ කර ඇති අතර ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින්ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26