රබර් කර්මාන්ත ශාලාවේ මුරකරු අබිරහස් ලෙස මියයයි

ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක මුරකරුගේ මළ සිරුර ඒ ආසන්නයේ තේ වත්තක අනාරක්ෂිත ළිඳකට තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මීරියගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේම නතර වී සේවය කරන අතර පසුගිය සඳුදා පෙරවරු 10.30ට පමණ ඔහු අතුරුදන්ව ඇති බව සඳහන්.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් සහ සේවකයන් ඔහු සම්බන්ධයෙන් සොයා බැලුවද කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැහැ.

එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට තේ ඉඩමක හිමිකාරිය තම වත්තට ගොස් එහි ඇති පොල් ගසේ පොල් වැටී ඇත්දැයි ඇද්දැයි සොයා ළිඳ තුළට එබිකම් කර බැලීමේදී දැක ඇත්තේ පුද්ගලයකුගේ පාදවල යටි පතුල් දිය මතුපිට තිබෙන ආකාරයයි.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත මළ සිරුර ගොඩට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා හොරණ මූලික රෝහලට යොමු කරන ලෙසටයි නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38