AFC Banner
Empty Ad
Empty Ad

වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන තුනක් දෛනිකව වාෂ්ප වන බව හෙළි වෙයි

පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන 3ක් දෛනිකව වාෂ්ප වන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පවසනවා.

මේ වනවිට ජලාශයේ පිරී ඇති වර්ග කිලෝ මීටර් 11ක වපරිසයෙන් යුත් පෘෂ්ඨයේ මිලි මීටර් 05ක් උසට ඇති ජල ප්‍රමාණය දෛනිකව වාෂ්ප වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ජලාශය පිරී තිබෙන ජල පරිමාවෙන් මිලී මීටර් දෙකක පමණ උසට ඇති කොටසක් සාමාන්‍යයෙන් වාෂ්ප වන අතර පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ එම ප්‍රමාණය මේ වනවිට දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබෙන බව කාර්යභාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.

වික්ටෝරියා ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පිරිණු විට වර්ග කිලෝ මීටර් 24ක වපසරියකින් සමන්විත වනවා.

ජලය අඩු වීම හේතුවෙන් මේ වනවිට වර්ග කිලෝ මීටර් 13ක ප්‍රමාණයක ජලය නොමැති බව ඇහැලපිටිය මහතා සඳහන් කළා.

ජර්මනිය, ප්‍රංශය, කොරියාව, චීනය වැනි රටවල් ජලය මත පාවන සූර්ය පැනල සවි කිරීම මගින් මෙම වාෂ්ප වන ජල ප්‍රමාණය අඩුකර ගැනීමට පියවර ගෙන ඇති අතර ඊට අමතරව ඔවුන් එමඟින් අමතර විදුලි නිෂ්පාදනයක් ද සිදු කරන බවයි හෙතෙම අවධාරණය කළේ.

ජලාශය මත සූර්ය පැනල එලීම මගින් ජලයේ සිටින මසුන්ට ද හිතකර පරිසරයක් නිර්මාණය වන බව කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
5
+1
4
+1
4
+1
9
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?