වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන තුනක් දෛනිකව වාෂ්ප වන බව හෙළි වෙයි

පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන 3ක් දෛනිකව වාෂ්ප වන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පවසනවා.

මේ වනවිට ජලාශයේ පිරී ඇති වර්ග කිලෝ මීටර් 11ක වපරිසයෙන් යුත් පෘෂ්ඨයේ මිලි මීටර් 05ක් උසට ඇති ජල ප්‍රමාණය දෛනිකව වාෂ්ප වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ජලාශය පිරී තිබෙන ජල පරිමාවෙන් මිලී මීටර් දෙකක පමණ උසට ඇති කොටසක් සාමාන්‍යයෙන් වාෂ්ප වන අතර පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ එම ප්‍රමාණය මේ වනවිට දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබෙන බව කාර්යභාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.

වික්ටෝරියා ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පිරිණු විට වර්ග කිලෝ මීටර් 24ක වපසරියකින් සමන්විත වනවා.

ජලය අඩු වීම හේතුවෙන් මේ වනවිට වර්ග කිලෝ මීටර් 13ක ප්‍රමාණයක ජලය නොමැති බව ඇහැලපිටිය මහතා සඳහන් කළා.

ජර්මනිය, ප්‍රංශය, කොරියාව, චීනය වැනි රටවල් ජලය මත පාවන සූර්ය පැනල සවි කිරීම මගින් මෙම වාෂ්ප වන ජල ප්‍රමාණය අඩුකර ගැනීමට පියවර ගෙන ඇති අතර ඊට අමතරව ඔවුන් එමඟින් අමතර විදුලි නිෂ්පාදනයක් ද සිදු කරන බවයි හෙතෙම අවධාරණය කළේ.

ජලාශය මත සූර්ය පැනල එලීම මගින් ජලයේ සිටින මසුන්ට ද හිතකර පරිසරයක් නිර්මාණය වන බව කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළා.

  1. එහෙම විදුලිය ගන්න පුළුවන් උනොත් හොදයි. ඒත් විදුලි බල මණ්ඩලයේ ඉන්න කොමිස් කාක්කෝ එහෙම දෙයක් කරන්න ඉඩ දෙයිද??



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48