ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (09) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කරමින් මෙහිදී ඔහු විශේෂ ප්‍රකාශයක් කරනු ඇති.

13 වන සංශෝධනය ශක්තිමත් කිරීමට ගෙන ආ යුතු අදාළ අණ පනත් ගැන ද පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයේදී කරුණු පැහැදිලි කරනු ඇත.ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් රජය විසින් ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුම්වත් කරන සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) පැවැත්වුණු අතර, එහිදී පක්ෂ නායකයන්ගේ අදහස් ඉදිරිපත් කෙරිණි.

උතුරු නැඟෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළව හොඳම යෝජනාවලිය තමා ඉදිරිපත් කරන බවත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවධාරණය කළේය.

කිසිදු අයුරකින් උතුරු හා නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නැති බවත් උතුරු නැඟෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ජනාධිපතිවරයා අදහස් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ සඳහන් පොලිස් බලතල ලබා දීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ එකඟත්වය අවශ්‍ය බව ජනාධිපතිවරයා අදහස් කරන අතර, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ද අවශ්‍ය කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?