ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (09) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කරමින් මෙහිදී ඔහු විශේෂ ප්‍රකාශයක් කරනු ඇති.

13 වන සංශෝධනය ශක්තිමත් කිරීමට ගෙන ආ යුතු අදාළ අණ පනත් ගැන ද පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයේදී කරුණු පැහැදිලි කරනු ඇත.ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් රජය විසින් ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුම්වත් කරන සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) පැවැත්වුණු අතර, එහිදී පක්ෂ නායකයන්ගේ අදහස් ඉදිරිපත් කෙරිණි.

උතුරු නැඟෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළව හොඳම යෝජනාවලිය තමා ඉදිරිපත් කරන බවත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවධාරණය කළේය.

කිසිදු අයුරකින් උතුරු හා නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නැති බවත් උතුරු නැඟෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ජනාධිපතිවරයා අදහස් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ සඳහන් පොලිස් බලතල ලබා දීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ එකඟත්වය අවශ්‍ය බව ජනාධිපතිවරයා අදහස් කරන අතර, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ද අවශ්‍ය කෙරේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46