බාර්බිගෙන් දින 18ක් තුළ බොක්ස් ඔෆිස් වාර්තාවක්

මේ වනවිට ලොවපුරා රසිකයින් ආදරයෙන් වැළඳගෙන සිටින බාර්බි චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා පළමු සති තුළ වාර්තා ගත බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇති බව වාර්තා වනවා.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා වන වෝනර් බ්‍රදර්ස් සමාගම පවසන්නේ බාර්බි චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය අරඹා පළමු සති තුනේ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.03ක අදායම උපයා ඇති බවයි.

ඒ, අනුව මෙම වසර මෙතෙක් තිරගත කළ චිත්‍රපටවලින් අදායම් අතින් එම සීමාවටදෙවන චිත්‍රපටය බවට බාර්බි චිත්‍රපටය පත්ව තිබෙනවා.

වෝනර් බ්‍රදර්ස් සමාගම පවසන්නේ ඇමරිකාව තුළ පමණක් දේශීය වශයෙන් ඩොලර් මිලියන 459.4ක් මේ වනවිට උපයා ඇති බවයි.

බාර්බි චිත්‍රපටය ලොවපුරා අතිශය ජනාදරයට පත්වීමත් සමඟ බාර්බි බෝනික්කන්, බාර්බි ස්ටිකර් සහ රෝස පැහැති ඇඳුම්වලට ඇති ඉල්ලුම ද මේ වනවිට ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39