spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාර්බිගෙන් දින 18ක් තුළ බොක්ස් ඔෆිස් වාර්තාවක්

මේ වනවිට ලොවපුරා රසිකයින් ආදරයෙන් වැළඳගෙන සිටින බාර්බි චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා පළමු සති තුළ වාර්තා ගත බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇති බව වාර්තා වනවා.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා වන වෝනර් බ්‍රදර්ස් සමාගම පවසන්නේ බාර්බි චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය අරඹා පළමු සති තුනේ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.03ක අදායම උපයා ඇති බවයි.

ඒ, අනුව මෙම වසර මෙතෙක් තිරගත කළ චිත්‍රපටවලින් අදායම් අතින් එම සීමාවටදෙවන චිත්‍රපටය බවට බාර්බි චිත්‍රපටය පත්ව තිබෙනවා.

වෝනර් බ්‍රදර්ස් සමාගම පවසන්නේ ඇමරිකාව තුළ පමණක් දේශීය වශයෙන් ඩොලර් මිලියන 459.4ක් මේ වනවිට උපයා ඇති බවයි.

බාර්බි චිත්‍රපටය ලොවපුරා අතිශය ජනාදරයට පත්වීමත් සමඟ බාර්බි බෝනික්කන්, බාර්බි ස්ටිකර් සහ රෝස පැහැති ඇඳුම්වලට ඇති ඉල්ලුම ද මේ වනවිට ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?