AFC Banner
Empty Ad
AFC Banner

එක්දින ලෝක කුසලානයට ඉන්දියාවට යන්න පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට අවසර

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය අද ඒ බව තහවුරු කර සිටියා.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති දේශපාලන මතගැටුම් පාකිස්තාන ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාවට බාධාවක් නොවන බවයි.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ ආරක්ෂාව මෙම ඉන්දීය සංචාරයේදී සහතික කරනු ඇති බවට විශ්වාස කරන බවයි මෙම අවසරය ලබාදෙමින් පාකිස්ථාන රජය සඳහන් කළේ.

එළඹෙන ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භවන අයි.සී.සී. එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එරට රජයෙන් අවසර ඉල්ලමින් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමෙන් පසු සිදුකළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මෙම අවසරය ලබා දී ඇත්තේ.

කෙසේ වෙතත් එළඹෙන ආසියානු කුසලානය සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල්වලින් රුපියල් 50ක් යන්නේ කොහෙටද කියලා අපි දන්නේ නෑ - තෙල් ලොක්කෝ කියයි
Video thumbnail
දවල් හීන දකින තිස්ස - මාලිමාවට ඡන්දෙ දුන්නු අය දැන් සජබෙට
02:00
Video thumbnail
දිලිත් ජයවීර රත්නපුර දෙවනක් කරයි - රාජ්‍ය සේවකයන්ගේ ඡන්දේ මේ ගමන පදක්කමට #dilithjayaweera
04:02
Video thumbnail
පාස්පෝට් ලොක්කන්ට කට උත්තර නැති වූ මාධ්‍ය හමුව මෙන්න
12:15
Video thumbnail
සුජීව මාලිමාවත් සමග ගැටෙයි - තමන්ට උවමනානම් JVPඑක ඕනිම බලු වැඩක් කරනවා #jvp
04:26
Video thumbnail
ජනපතිගෙන් සහතිකයක් - "පාර්ලිමේන්තු බලය අපි අත්පත් කරගන්න ඕනි" #anurakumaradissanayake
12:25
Video thumbnail
අපිලගේ සාදුට මරණ තර්ජන - සාදු CID එයි
04:51
Video thumbnail
රනිල්ගේ උදවියට ගොඩක් රිදිලා - "පාර්ලිමේන්තුව හොර ගුහාවක් නෙවෙයි" #ranilwickremesinghe
02:45
Video thumbnail
සජබ අපේක්ෂකයාට මිරිස් කුඩු ප්‍රහාරයක් - සජීවී දර්ශන මෙන්න
04:48
Video thumbnail
සිරිල් ගාමිණී පියතුමා හදිසියේ මාධ්‍ය කැඳවයි - ඡන්දෙට කලින් අහන්න ඕනිම කතාවක්
07:03

?