එක්දින ලෝක කුසලානයට ඉන්දියාවට යන්න පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට අවසර

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය අද ඒ බව තහවුරු කර සිටියා.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති දේශපාලන මතගැටුම් පාකිස්තාන ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාවට බාධාවක් නොවන බවයි.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ ආරක්ෂාව මෙම ඉන්දීය සංචාරයේදී සහතික කරනු ඇති බවට විශ්වාස කරන බවයි මෙම අවසරය ලබාදෙමින් පාකිස්ථාන රජය සඳහන් කළේ.

එළඹෙන ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භවන අයි.සී.සී. එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එරට රජයෙන් අවසර ඉල්ලමින් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමෙන් පසු සිදුකළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මෙම අවසරය ලබා දී ඇත්තේ.

කෙසේ වෙතත් එළඹෙන ආසියානු කුසලානය සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51