AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් විශේෂ කාර්ය බලකායත් කැඳවූ විරෝධතාව

ගොවීන් පිරිසක් සමනල වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක නිරතවීමත් සමග ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනවා.

උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනළ වැවෙන් මුදා හරින ලෙසට ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූයේ.

විරෝධතාවත් සමග ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමටයි කටයුතු කෙරුණේ.

උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව ඊයේ දිනයේ පැවතියේ සියයට 1.4ක් ලෙසටයි.

අද දිනයේ එය තවදුරටත් පහත බසිමින් සියයට එකටත් වඩා අඩු වුණා.

ඒ අනුව අදින් පසුව ගොවිතැන් හා අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි ජලාශය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පවසන්නේ.

මේ අතර උඩවලව ව්‍යාපාරයේ ගොවීන්ට සමනල වැවෙන් ජලය ලබා නොදුන හොත් ඉදිරියේදී සියයට 70කට අධික වගාවන් විනාශ වී යාමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම වගාවන් ආරක්ෂා කර ගැනීමට නම් සමනල වැවෙන් ජලය කඩිනමින් මුදා හැරීම අත්‍යාවශ්‍ය බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා සඳහන් කළේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව ගොවීන්ගේ ගැටලුවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?