පොලිස් විශේෂ කාර්ය බලකායත් කැඳවූ විරෝධතාව

ගොවීන් පිරිසක් සමනල වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක නිරතවීමත් සමග ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනවා.

උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනළ වැවෙන් මුදා හරින ලෙසට ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූයේ.

විරෝධතාවත් සමග ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමටයි කටයුතු කෙරුණේ.

උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව ඊයේ දිනයේ පැවතියේ සියයට 1.4ක් ලෙසටයි.

අද දිනයේ එය තවදුරටත් පහත බසිමින් සියයට එකටත් වඩා අඩු වුණා.

ඒ අනුව අදින් පසුව ගොවිතැන් හා අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි ජලාශය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පවසන්නේ.

මේ අතර උඩවලව ව්‍යාපාරයේ ගොවීන්ට සමනල වැවෙන් ජලය ලබා නොදුන හොත් ඉදිරියේදී සියයට 70කට අධික වගාවන් විනාශ වී යාමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම වගාවන් ආරක්ෂා කර ගැනීමට නම් සමනල වැවෙන් ජලය කඩිනමින් මුදා හැරීම අත්‍යාවශ්‍ය බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා සඳහන් කළේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව ගොවීන්ගේ ගැටලුවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04