AFC Banner
Empty Ad
Empty Ad

සමෘද්ධිලාභින් කැමැත්තෙන් ඉවත්ව යෑමේ දී 4% ක ණය ලබා දීම ඉදිරියටත්

සමෘද්ධිලාභීන් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳ පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

මේ වන විට සහනාධාර අවශ්‍ය නොවන සමෘද්ධිලාභින් සිය කැමැත්තෙන් ඉවත්ව යෑමේ දී 4% ක සහන පොලී අනුපාතය යටතේ රුපියල් ලක්ෂ 5 ක ණයක් ලබා දීම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

දිවයින පුරා පවුල් 17 ලක්ෂ 62 දහස් 655 ක් සමෘද්ධි සහනාධාරය ලබන අතර ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 53 000 ක්.

ආබාධිත පිරිස් හඳුනාගනිමින් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම හා තැලිසීමියා රෝගයෙන් පෙලෙන ජනතාවට යම් සහනයක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් සියලූ අමාත්‍යංශ හා ඒකාබද්ධව සමෘද්ධිලාභින් සහ පොරොත්තු ලේඛන වල සිටින අඩුආදායම්ලාභීන් සවිබල ගැන්වීමට අවශ්‍ය කටයුතු විධිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?