සමෘද්ධිලාභින් කැමැත්තෙන් ඉවත්ව යෑමේ දී 4% ක ණය ලබා දීම ඉදිරියටත්

සමෘද්ධිලාභීන් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳ පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

මේ වන විට සහනාධාර අවශ්‍ය නොවන සමෘද්ධිලාභින් සිය කැමැත්තෙන් ඉවත්ව යෑමේ දී 4% ක සහන පොලී අනුපාතය යටතේ රුපියල් ලක්ෂ 5 ක ණයක් ලබා දීම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

දිවයින පුරා පවුල් 17 ලක්ෂ 62 දහස් 655 ක් සමෘද්ධි සහනාධාරය ලබන අතර ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 53 000 ක්.

ආබාධිත පිරිස් හඳුනාගනිමින් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම හා තැලිසීමියා රෝගයෙන් පෙලෙන ජනතාවට යම් සහනයක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් සියලූ අමාත්‍යංශ හා ඒකාබද්ධව සමෘද්ධිලාභින් සහ පොරොත්තු ලේඛන වල සිටින අඩුආදායම්ලාභීන් සවිබල ගැන්වීමට අවශ්‍ය කටයුතු විධිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32