මන්ත්‍රී නාමල්ගේ විවාහ උත්සවයට අදාළ විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බවට අනාවරණයක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයට අදාළ විදුලි ගාස්තු මෙතෙක් ගෙවා නොමැති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා මේ බව අනාවරණ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඔහු ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම මණ්ඩලය විසින් මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.

පසුගිය ජුලි මස 26 වනදා ඔහු අදාළ විමසීම සිදුකර ඇති අතර විදුලි බල මණ්ඩලය ඊට අදාළව අද දිනයේ තොරතුරු ලබාදී ඇති බවයි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා හෙළි කළේ.

එම තොරතුරුවල දැක්වෙන්නේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ 12 වනදා සිට 15 වනදා දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජප්කෂ මහතා වීරකැටියේ නිවසක පැවැත්වෙන උත්සවයකට සහභාගී වන බවට දන්වා ආරක්ෂක විදුලි පහන් සවි කරන ලෙසටයි විදුලිබල මණ්ඩලයට දන්වා තිබී ඇති බවයි.

ඒ අනුව තාවකාලිකව විදුලිය සපයා ආරක්ෂක පහන් සවි කර විදුලිය ලබා දී නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් 2,682,246ක මුදලක් වියදමක් දැරීමට සිදුවී ඇති බවට විදුලිබල මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

එම වියදම් වූ මුදලට අදාළ ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් මිහින්තලා විහාරස්ථානයේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි සැපයුම විසන්ධි කළ ආකාරයෙන් මැදමුලන නිවසේ ද විදුලිය විසන්ධි කළ යුතු බවයි නලින් හේවගේ මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?