මන්ත්‍රී නාමල්ගේ විවාහ උත්සවයට අදාළ විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බවට අනාවරණයක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයට අදාළ විදුලි ගාස්තු මෙතෙක් ගෙවා නොමැති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා මේ බව අනාවරණ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඔහු ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම මණ්ඩලය විසින් මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.

පසුගිය ජුලි මස 26 වනදා ඔහු අදාළ විමසීම සිදුකර ඇති අතර විදුලි බල මණ්ඩලය ඊට අදාළව අද දිනයේ තොරතුරු ලබාදී ඇති බවයි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා හෙළි කළේ.

එම තොරතුරුවල දැක්වෙන්නේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ 12 වනදා සිට 15 වනදා දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජප්කෂ මහතා වීරකැටියේ නිවසක පැවැත්වෙන උත්සවයකට සහභාගී වන බවට දන්වා ආරක්ෂක විදුලි පහන් සවි කරන ලෙසටයි විදුලිබල මණ්ඩලයට දන්වා තිබී ඇති බවයි.

ඒ අනුව තාවකාලිකව විදුලිය සපයා ආරක්ෂක පහන් සවි කර විදුලිය ලබා දී නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් 2,682,246ක මුදලක් වියදමක් දැරීමට සිදුවී ඇති බවට විදුලිබල මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

එම වියදම් වූ මුදලට අදාළ ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් මිහින්තලා විහාරස්ථානයේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි සැපයුම විසන්ධි කළ ආකාරයෙන් මැදමුලන නිවසේ ද විදුලිය විසන්ධි කළ යුතු බවයි නලින් හේවගේ මහතා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46