ඉන්දීය මහකොමසාරිස් කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී අවධානය යොමු වූ කරුණු පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී කථානායකවරයාට කරුණු දැක් වූ බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන ආර්ථික සහයෝගීතාව තහවුරු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව ද මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එසේම මෙම සංචාරයේදී දෙරට අතර බලශක්ති, අධ්‍යාපන, ඩිජිටල් තාක්ෂණ ආදි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි බාග්ලේ මහතා කථානායකවරයාට දන්වා සිටියේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගීතාවයට ස්තූතිය පළ කළ කථානායකවරයා මෙරටට ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව සතුට පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමග හමුවක් කැඳවන ලෙස ඉල්ලා සිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා එහි සාමාජිකයින් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා.

දෙරට අතර හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි මහකොමසාරිස්වරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙවියනේ..ගෙවල් දෙකම අළු ගොඩක් වෙලා
00:54
Video thumbnail
රන්ටැඹේ රන්දෙනිගල බලාගාරවල විශේෂ නිරීක්ෂණයක්
01:26
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන රටම කතාවෙන Big Boss ? - රට සලිතවෙන හෙළිදරව්වක්
20:37
Video thumbnail
ගෝඨාභය බලයට පත්වීම සැලසුම් සහගත ඔපරේෂන් එකක්?..මෙන්න පාස්කුවේ මහ මොළකරු?
04:48
Video thumbnail
අන්තවාදීන්ව නවත්වන්න පුළුවන් රාජපක්ෂලාට විතරයි..?
09:22
Video thumbnail
සමගි ජන බලවේගයේ පා.ම ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් සමඟ දසත ප්‍රහාරය සජීවීව
01:30:36
Video thumbnail
ආදරය වෙනුවෙන් කුණු ගොඩක් කිව්ව දේශපාලනයට එන්න වුණ කාරියප්පර්
25:06
Video thumbnail
ලංකාවේ ඩොලර් මිලියනස්ලා 500ක් -1000ක් හැදුවනම්..ආර්ථිකය සුපිරියට ගොඩ දාන්න පුළුවන්
15:23
Video thumbnail
ඊළඟ ජනාධිපති පුටුවට සුපිරි තරගයක් දෙන්න යන කෙනා..මෙයා ආවොත් නම් ඔක්කොම හැලෙනවා
05:36
Video thumbnail
දෙවියනේ..ගෙවල් දෙකම අළු ගොඩක් වෙලා..ගෙදර සුරතලාත් ගින්නෙන් අවසන් ගමන් ගිහින්
02:36


?