ඉන්දීය මහකොමසාරිස් කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී අවධානය යොමු වූ කරුණු පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී කථානායකවරයාට කරුණු දැක් වූ බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන ආර්ථික සහයෝගීතාව තහවුරු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව ද මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එසේම මෙම සංචාරයේදී දෙරට අතර බලශක්ති, අධ්‍යාපන, ඩිජිටල් තාක්ෂණ ආදි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි බාග්ලේ මහතා කථානායකවරයාට දන්වා සිටියේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගීතාවයට ස්තූතිය පළ කළ කථානායකවරයා මෙරටට ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව සතුට පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමග හමුවක් කැඳවන ලෙස ඉල්ලා සිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා එහි සාමාජිකයින් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා.

දෙරට අතර හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි මහකොමසාරිස්වරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48