වැරදි විධානයක් නිසා වසර 46ක අභ්‍යවකාශ මෙහෙයුමක් තාවකාලිකව නවතී

නාසා ආයතනය ලබා දුන් වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් අභ්‍යවකාශ මෙහෙයුමක් තාවකාලිකව බිඳ වැටුණු පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙලෙස නාසා ආයතනයට වැරදී ඇත්තේ 1977 වසරේ සිට ක්‍රියාත්මක ඉතිහාසගත අභ්‍යවකාශ මෙහෙයුමක් වීම විශේෂත්වයක්.

මෙම වැරදි විධානය ලබාදී තිබුණේ වොයේජර් 2 අභ්‍යවකාශ යානයටයි. වොයේජර් 2 අභ්‍යවකාශ යානය යනු මිනිසා ඈත විශ්වය වෙත වැඩිම දුරක් යවා ඇති දෙවැනි යානය වනවා.

වොයේජර් 2 අභ්‍යවකාශ යානය වෙත ලබාදුන් වැරදි විධාන හේතුවෙන් එය පෘතුවිය සමග තිබූ සම්බන්ධය තාවකාලිකව බිඳ වැටුණා.

ඒ වන විට එම අභ්‍යවකාශ යානය පෘතුවියට කිලෝ මීටර් බිලියන 19.9 දුරින් ස්ථානගත වී තිබීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ අනුව ලබා දුන් වැරදි විධානයන් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානයේ ඇන්ටනාව අංශක දෙකකකින් පෘතුවියෙන් ඉවතට හැරී තිබෙනවා.

ඒ අනුවයි වොයේජර් 2 යානය සහ පෘතුවිය අතර තිබූ සබඳතාවය තාවකාලිකව බිඳ වැටි ඇත්තේ.

යානය ඇති කිලෝ මීටර් බිලියන 19.9 ක දුරක සිට පෘථිවියට සංඥාවක් පැමිණීමට පැය 18කට වඩා කාලයක් ගතවන බවයි නාසා ආයතනය පවසන්නේ.

කෙසේවෙතත් සම්බන්ධතා නැතිවීමෙන් පසුව නාසා ආයතනය යළිත් වොයේජර් 2 යානයෙන් සංඥාවක් ලබාගෙන ඇති බව අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කර තිබෙනවා.

අඟහරුවාදා නාසා ආයතනය පැවසුවේ Voyager 2 වෙතින් සංඥාවක් ලැබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
6
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32