AFC Banner
Empty Ad
Empty Ad

එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පොලිසිය අතර ගැටුමක්

බ්‍රිතාන්‍ය පොලිසිය අතර එල්.ටි.ටි.ඊ ධජ අතින් ගත් එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් ගැටුමක් ඇති වී තිබෙනවා. ඒ බ්‍රිතානයේ හැරෝව් හිදී. සිද්ධිය සම්බන්ධයෙන් හැරෝව් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ කෙන්ටන් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට යාමේදී අධාල ගැටුම හටගත් බවයි. මෙහිදී පොලිසිය සහ එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද වන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දක්නට ලැබෙනවා.

මෙම සිද්ධියේදී ලන්ඩන් පොලිසිය විසින් එල්.ටි.ටි.ඊ ආධාර කරුවෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව මුදා හැර තිබෙනවා. මෙම එල්.ටි.ටි.ඊ ආධාරකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ කෙන්ටන් හී දින 16 ක් උපවාසයේ යෙදෙන, සමුල ඝාතනයන් වැළකීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නියෝජිත වරියක වන අම්භිහායි සෙල්වකුමාර්ට සහයෝගය දැක්වීමටයි.ඇය විරෝධතාවයේ නිරත වන්නේ සමූල ඝාතනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර අධිකරණය වෙත කැඳවන ලෙස ඉල්ලමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?