මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි

ඊයේ මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ 17 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුර වැලිසර නාවික හමුදා කඳවුරේ කිමිදුම් කරුවන් විසින් මහවැලි ගඟේ ගැඹුරු වළක තිබි සොයා ගෙන තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි නිමන්ත ඉදුනිල් නැමති 17 හැවිරිදි පාසල් සිසුවෙක්.

ඔහුගේ මිතුරන් සහ ඥාතින් සමග 13වැනිදා ශ්‍රි පාද වන්දනාවේ ගොස් ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී නාවලපිටිය මල්ලන්ද ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා ඉදි කර ඇති පාලම අසල ඔහුගේ මිතුරන් සමග දිය නෑමට මහවැලි ගඟට ගොස් තිබුණා.දිය නාමින් සිටි පාසල් සිසුවා එකවරම මහවැලි ගඟේ අතුරුදහන් වූ බවත් , අතුරුදහන් වු සිසුවා සොයා ඔහුගේ මිතුරන් පිරිස මහවැලි ගගේ සොයා ඇතත්, අතුරුදහන් වූ සිසුවා සොයා ගැනීමට නොහැකි වි ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අතුරුදහන් වු තරුණයා සොයා නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මහවැලි ගඟේ 14 වන දින මෙහෙයුමක් දියත් කලද අතුරුදහන්වූ සිසුවා සොයා ගැනීමට නොහැකි වූ නිසා නාවික හමුදා කිමිදුම්කරුවන්ගෙන් සහයෝගය ලබා ගැනිමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?