තොටළඟ ඔන්ලයින් මාෆියාව පාරිභෝගික අධිකාරිය වටලයි

ඔන්ලයින් මගින් නිවෙස්වලට ලබාදීමට සූදානම් කළ කල් ඉකුත් වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සහල්, කිරිපිටි, අසුරන ලද ආහාර, වියළි ආහාර, පොල් තෙල් ඇතුළු කල් ඉකුත් වූ භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමකුයි පාරිභෝගික අධිකාරිය මෙලෙස වටලා ඇත්තේ.

තොටළඟ ප්‍රදේශයේ පිහිටි මෙම මහා පරිමාණ ජාවාරම උපාය දූතයකු යොදවා වැටලීම සිදු කර තිබෙනවා.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් වෙත මෙම ආයතනය මගින් විවිද දැන්වීම් ඔස්සේ ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ට භාණ්ඩ ලබාදීමට රුපියල් ලක්ෂ ගණන් වටිනා පැකේජ හඳුන්වා දී තිබූ බව සඳහන්.

එම භාණ්ඩ පැකේජ්වලට අයත් භාණ්ඩ මලු විදෙස් රටවල සිට ඔන්ලයින් ක්‍රමයට මුදල් ගෙවා ඇනවුම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ එම පවුල්වල අයට ලබාදීමයි මෙම ජාවාරමෙන් සිදු කරනු ලබන්නේ.

මෙලෙස ඔන්ලයින් ක්‍රමයට ලබා දෙන සියලු භාණ්ඩ කල් ඉකුත් වී ඇති අතර ඒවායේ මිල ගණන් ද වෙනස් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මෙම ජාවාරම කලක සිට පවත්වාගෙන ගොස් ඇතැයි තොරතුරු හෙළිවී තිබෙනවා.

එම ආයතනයේ තිබූ සියලු භාණ්ඩ පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබා නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04