AFC Banner
Empty Ad
Empty Ad

උපාධිය අරගෙන නිවසට පැමිණි තරුණිය සිය දිවි හානි කර ගනී

යාපනය වඩුක්කෝඩෙයි සුෂිපුරම් ප්‍රදේශයේ තරුණියක් ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය සබරගමුව විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය ලබාගෙන ඇත්තේ පෙරේදා (27) දිනයේ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු නිවසට පැමිණ සිටි 26 හැවිරිදි ඇය නිවසේ කාමරයක ඊයේ රාත්‍රී මෙලෙස සිය දිවි හානි කරගෙන ඇතැයි සඳහන්.

පෙරේදා (27) පැවති උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ඇය දෙමව්පියන් සමග සුෂිපුරම් හි පිහිටි නිවසට ඊයේ පැමිණ තිබුණා.

ඇය සියදිවි හානි කර ගන්නා අවස්ථාවේ පියා නිවසේ සිට නොමැති අතර මව නිවසේ කිසියම් කාර්යයක නිරතවී සිට ඇතැයි සඳහන්.

මෙම තරුණිය නිවසෙහි ගෙළ වැළලාගෙන සිටින ආකාරය දුටු මව ඇය බේරාගෙන සංගන් දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදී ඇතැයි සඳහන්.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මව සහ පියා නිතර නිතර ආරවුල් ඇතිකර ගැනීම හේතුවෙන් ඇතිවූ කලකිරීම් මත මෙම තරුණිය සියදිවි හානි කරගෙන ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
13
+1
9
+1
7
+1
72
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබත් අස ජීවිතයේ සතුටින් ඉන්නද? #goodmorning
06:11
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53

?