ජපන් විදේශ ඇමති සහ සජිත් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ජපාන විදේශ අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුව තිබෙනවා.

අද (29) පස්වරුවේ කොළඹ දී පැවති මෙම හමුවේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිළිබඳ අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ.

(JAICA) සහ (JBIC) ණය ආධාර ක්‍රම යටතේ ශ්‍රී ලංකාවට ජපානය විසින් ලබා දී ඇති උදව් උපකාර පිළිබඳව මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික රූපවාහිනී සංස්ථාව ඇතුළු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ජාතික සම්පත් සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා ජපානයට සිය කෘතඤතාවය පිරිනමනු ලැබුවා.

එමෙන්ම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නතර කිරීම හේතුවෙන් සිදුවූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳ කණගාටුව පළ කළ විපක්ෂ නායකවරයා සිය රජයක් යටතේ එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අතවැල් බැඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි අවධාරණය කළේ.

මෙම හමුවේදී ජපානයේ අධ්‍යාපන ව්‍යුහයේ ධනාත්මක ප්‍රවේශය ද විපක්ෂ නායකවරයාගේ ඇගයීමට ලක්වුණා.

ඔහු ජපන් විදේශ අමාත්‍යවරයා හමුවේ කියාසිටියේ ජපන් ජනතාවගේ විනය, කැපවීම, කඩිසර භාවය හා අවංකකම තමා මහත් ඉහළින් අගය කරන අතර එවැනි ගුණාංග වලින් ශ්‍රී ලාංකේය ජාතිය සන්නද්ධ කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක වෙනස්කම් සිදුකිරීම කෙරෙහි ද සිය රජයක් යටතේ අවධානය යොමු කරන බවයි.

මේ වන විට, රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.4%ක සුළු ප්‍රමාණයකට පමණක් දායකත්වය දක්වන ධීවර කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වන ජපන් තාක්ෂණය ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.

EEZ විශේෂ ආර්ථික කලාපයේ පිහිටා ඇති නාවික සැතපුම් 200ක වපසරියක් පුරා දිවයින වටා පැතිර ඇති මුහුදු සම්පත නිසියාකාරයෙන් රටේ ආර්ථිකයට දායක කර ගැනීමට තමන්ට ඇති දැක්ම හා අවශ්‍යතාවය විපක්ෂ නායකවරයා පෙන්වා දෙනු ලැබුවා.

එසේම තොරතුරු තාක්ෂණ (IT) විප්ලවය නගරයට පමණක් සීමා වී ඇති බැවින් ගමේ දරුවන්ට තවමත් එම තාක්ෂණයට උරුමයක් නොමැති බව පෙන්වා දුන් ඔහු, ජපන් විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ගමේ දක්ෂ දරැවන්ටත් තාක්ෂණ ලෝකයේ ඉදිරියට යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දීමට ආධාර කරන ලෙසටයි.

තවදුරටත් ජපන් විදේශ අමාත්‍යවරයා හමුවේ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා දිය හැකි සියලුම සහය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලූ විපක්ෂ නායකවරයා, එම ආධාරවල භාවිතය හා ඵලදායීතාවය අධීක්ෂණය කිරීමට දායක වන ලෙසට ද ජපන් රජයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14