13 ගැන ජනපති ගත් තීරණය අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීන්දුවක් – රාජ්‍ය ඇමති සුරේන් රාඝවන්

ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් දරන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය පොලිස් බලතල රහිතව බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව ජනප්‍රිය නොවුණත්, රටේ අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීරණයක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

අරගලයේ නිරත වූ තරුණ පිරිස් අපේක්ෂා කළ නව දේශපාලන ගමනක ආරම්භය ලබාදීමට විශාල අවදානමක් හමුවේ වුවත් මෙම තීරණය ගෙන තිබෙන බවයි ඔහු සඳහන් කළේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය පිළිබඳ නැවත වරක් ජාතික වශයෙන් කතිකාවතක් ආරම්භ වී තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන් හත් දෙනාම අත නොගැසූ කාර්යයකට වත්මන් ජනාධිපතිතුමා හදිසියේම යොමු වුණේ ඇයි කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා. එය සාවද්‍යයි. ඉතිහාසයේ සිටි සියලුම ජනාධිපතිවරුන් මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කළා. දැන් අප පිවිස සිටින්නේ ප්‍රශ්චාත් අරගල සමයකටයි.

මම අරගලයේ සටන්කරුවෙක් නෙමෙයි. නමුත් අරගලයෙන් පැනනැඟුණු ස්වරය ඉතා පැහැදිලියි. තවදුරටත් පුරවැසියා හා රාජ්‍යය අතර සම්මුතිය අලුත් නොකර මේ රට පාලනය කළ නොහැකියි. ඒ බව මේ රටේ ජනතාව මෙන්ම මේ රට භාර ගන්න සිටින තරුණ ප්‍රජාව විසින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍යය අලුත් කිරීමට නම්, එහි සියලුම පුරවැසි අභිලාෂ, දේශපාලන අභිලාෂ සහ සමාජ අවශ්‍යතා ඉටු කිරීම රාජ්‍යයක වගකීම වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවේදී සිදු කරන්නේ ජනප්‍රිය වැඩක් නොවෙයි. මැතිවරණයක් ආසන්නව තිබෙන බව කවුරුත් දන්නවා. මැතිවරණයක් ආසන්න වන විට සාමාන්‍යයෙන් සිදුකරන්නේ ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමයි. එහෙමනම් එතුමා මේ අවස්ථාවේ සිදුකළ යුතුව තිබෙන්නේ පාන්, පරිප්පු, ගෑස්, විදුලිය නොමිලේ ලබාදීමයි. නැතිනම් එවැන්නක් ලබාදෙන බවට පොරොන්දු ලබාදීමයි. එසේත් නොමැති නම් ජාතිවාදය හෝ ආගම්වාදය ඇවිස්සීම සඳහා සෘජුව හෝ වක්‍රව ව්‍යාපාර ආරම්භ කරවීමයි.

මගේ මේ කෙටි දේශපාලන කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල අවදානමක් අරගෙන මෙවැනි කතිකාවතකට මුලපිරීම සම්බන්ධයෙන් පුදුම වෙනවා. මා දකින විදිහට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තිබෙන ගැඹුරු විශ්වාසයක් ජනාධිපතිතුමා තුළ තිබෙනවා. ජනප්‍රිය නොවුණත්, හරි දේ කළ යුතුයි. මේ ප්‍රශ්නය ඊළඟ පරම්පරාවට භාර නොදී අපි විසඳාගත යුතුයි කියන බලාපොරොත්තුව ඇතුවයි එතුමා මේ කර්තව්‍යය ආරම්භ කළේ.

පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විමසා සිටියා ඔබට 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යද කියා. එය දශක කිහිපයක් තිස්සේ ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙන බවත් එහිදී පෙන්වා දුන්නා. උතුරු පළාත් සභාවට පමණක් වසරකට රුපියල් බිලියන 300ක පමණ ප්‍රතිපාදන වෙන් කරනවා. එපමණ මුදලක් වියදම් කරමින් පළාත් සභාව නඩත්තු කිරීම අර්ථවත්ව සිදුවෙනවාද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා.

ඒ වගේම දේශපාලනිකව එය පිළිගන්නේ නැති නම් පාර්ලිමේන්තුව මැදිහත්ව එය අහෝසි කළයුතු බවත් ජනාධිපතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කළා. දෙමළ දේශපාලන ප්‍රභූ පැළැන්තිය අතර ද අසමගියක් තිබෙනවා. ඔවුන් විවිධ මත දරණවා. ඇතැමුන් ෆෙඩරල්වාදයෙන් තොරව කිසිදු විසඳුමක් පිළිනොගෙන සාකච්ඡාවෙන් බැහැරව සිටිනවා. ඇතැමුන් විසඳුමක් ඉල්ලා සිටි විට ඒ වෙනුවෙන් කටයුතු නොකර සිටිනවා. ඉතින් ඔවුන්ගේ සද්භාවය ඒ ජාතියට ගැටලුවක්ව තිබෙනවා.

එසේ නම් මේ සම්බන්ධව සංවාදිත ප්‍රජාතන්ත්‍රවාදයකට යොමුවිය යුතුයි. මේ වන විටත් යෝජනා කර ඇති ආකාරයට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතුයි. එය තවදුරටත් කල්දැමිය යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ අන්දමට 13+ අවශ්‍ය බව යෝජනා කරන පක්ෂ ද සිටිනවා. පළාත් සභා ඡන්දය කල්දමා මේ මොහොත වන විට වසර හතකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. එසේ නම් ඒ මැතිවරණය පැවැත්විය යුත්තේ මේ ගැටලුව නිරාකරණය කරගෙනයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සියලු බලතල ලබා දෙනවාද කියන ප්‍රශ්නය මතුකර තිබෙනවා. පොලිස් බලතල ලබාදිය යුතුද යන්න ගැන සංවාදයක් තිබෙනවා. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල සඳහන්ව තිබුණත් එකිනෙකා අතර ඇති සැක සංකා හේතුවෙන් එය ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා රාජ්‍යය සහ පුරවැසියා අතර තිබෙන අලුත් සම්මුතියේ කතිකාවතක් අද දෙමළ ජනතාවට ද අවශ්‍යව තිබෙනවා.‍

හිටපු ආණ්ඩුකාරවරයෙක් ලෙස මම දන්නවා දෙමළ කතා කරන ජනතාවගේ 95%කගේ ප්‍රශ්නය තමයි දෛනික ජීවත් වීමේ අරගලය. පානීය ජලය, සෞඛ්‍යය, පාසල්, ප්‍රවාහනය , ආරක්ෂාව, ආර්ථිකය ගැන ප්‍රශ්න ඔවුන්ට තිබෙනවා. එය විසඳිය යුතුයි. ඒ වගේම දෙමළ නායකයන් අතරද ප්‍රශ්න තිබෙනවා. නමුත් ඔවුන් අතර තිබෙන එම විරසකය අප දේශපාලන වාසි ලබා ගැනීමට භාවිතා නොකළ යුතුයි. මෙහිදී වැදගත් වන්නේ දෙමළ ජනයාගේ හදවත් දිනා ගැනීමට කටයුතු කිරීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12