සර්ව පාක්ෂික සමුළුව අද – පොහොට්ටුව, ශ්‍රීලනිපය එයි – මාලිමාව බෑ කියද්දී සජබය වැට උඩ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව අද (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සමුළුව සඳහා මෙරට සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වෙත ලිඛිතව ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාතික සංහිඳියාව ගොඩනැඟීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙම සර්වපාක්ෂික සමුළුවේ දී අවධානය යොමු කිරීමට නියමිතයි.

එමෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

අද කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණ සහභාගී වන බව දැනුම් දී තිබෙනවා.

මෙරට ප්‍රධාන විපක්ෂයවන සමඟි ජන බලවේගය පවසන්නේ සමුළුවට සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (26) උදෑසන දැනුම් දෙන බවයි.

එමෙන්ම මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා තම පක්ෂය සහභාගී නොවන බව ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සමුළුවට සහභාගී වන බව දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12