පොල්තෙල් ආනයනික බද්ද ඉහළට – පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගෙනුත් ඉල්ලීමක්

ආනයනික පොල් තෙල් සඳහා පවතින බද්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

රජය විසින් ගත් මෙම තීරණය සම්බන්ධයෙන් අද (23) මාධ්‍යට අදහස් දක්වමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සඳහන් කළේ මෙලෙස බදු ඉහළ දැමීම තුළින් පාරිභෝගිකයින්ට කිසිඳු ආකාරයේ සහනයක් නොලැබෙන බවයි.

මෙම බදු ඉහළ දැමීමේ වාසිය පොල්තෙල් ආනයනකරුවන් විසින් ලබා ගන්න බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පොල් තෙල් ආනයනය නවතා දමා පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කිරීමට කටයුතු සලසා දෙන ලෙසට ඔහු මෙහිදී රජයෙන් ඉල්ලා සිටියා.

ඒ, තුළින් දේශීය පාරිභෝගිකයින්ට අවශ්‍ය සුරක්ෂිත පොල්තෙල් නිෂ්පාදනය කිරීමට හිමිවන බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30