උද්ධමනය පහළට

ජුනි මාසය සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ ශ්‍රී ලංකා උද්ධමනය 10.8%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව, මෙය 2023 මැයි මාසයේදී වාර්තා වූ 22.1% ක උද්ධමනය හා සැසඳීමේ දී සැලකිය යුතු පහළ යාමක්.

ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ පැවති 15.8% සිට ජුනි මාසයේදී 2.5% දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ 27.6% සිට ජුනි මාසයේදී 18.3% දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර මෙම මාසය අවසන් වන විට මෙරට උද්ධමනය සියයට හතක තනි ඉලක්කමක් දක්වා අඩුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

එමෙන්ම ඊයේ සම්මත වු මහ බැංකු පනත තුළින් තවදුරටත් ස්වාධීනව තීරණ ගැනීමට මහ බැංකුවට ඇති හැකියාව තහවුරු වී මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීම ඉක්මන්වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොළඹ දී අද පැවැති ප්‍රධාන විධායක නිලධාරීන්ගේ විශේෂ සංසදයට ප්‍රධාන දේශණය සඳහා එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියා.

ශ්‍රී ලාංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයයි මෙය සංවිධාන කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13