විරෝධතාවයේ නිරත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විසුරුවා හැරීමට ජල ප්‍රහාරයක්

කොළඹ පුරහල අසල විරෝධතාවයේ නිරත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් මෙම විරෝධතාව සිදු කරනු ලබන්නේ පාලි,සංස්කෘත,බෞද්ධ දර්ශනය/අධ්‍යයනය ඇතුළු ශාස්ත්‍රීය විෂයන් කප්පාදුව නවතනු – පේරාදෙණිය,කැලණිය ඇතුළු සරසවිවලට සිසුන් බඳවාගැනීම් පුළුල් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.