කකුලේ තුවාලයකට බෙහෙත් ගන්න රෝහලට ගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටස් ගසක් යට (ඡායාරූප)

දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය පුද්ගලයෙකුගේ සිරුරේ අස්ථි කොටස් නොර්වුඩ් නිව්ටන් වතුයායේ ගසක් යට තිබියදී අද (20) හමුවී තිබෙනවා.

මෙලෙස හමු වූ අස්ථි කොටස් හැටන් දික්ඔය මාණික්‍ය වත්ත 3 වෙනි කොටස් පදිංචි 49 හැවිරිදි අයෙකුගේ බවටයි මියගිය අයගේ සොහොයුරා විසින් හඳුනාගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා පසුගිය ජුනි මස 24 වනදා පාදයේ තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දික්ඔය මුලික රෝහල වෙත යන බවට පවසා නිවසින් පිටත්ව ගොස් තිබුණා.

එදින ඔහු යළිත් නිවසට නොපැමිණ අතුරුදහන් වී සිටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් ද සිදු කළ බවයි මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා කියාසිටියේ.

අඩි තුනක් පමණ උසැති යුකැලිප්ටස් ගසක එල්ලා තිබු කමිසය හේතුවෙන් හමු වූ අස්ථි කොටස් තම සොහොයුරාගේ බවට විශ්වාස කරන බවයි මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා ප්‍රකාශ කර ඇත්තේ.

නිව්ටන් වත්තේ තණ කොළ කැපීමට ගිය පුද්ගලයෙකු ගසක් යට තිබු අස්ථි කොටස් දැක ඒ පිළිබඳ හැටන් පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

මෙය ස්භාවික මරණයක් ද, ඝාතනයක් ද, නැතහොත් සියදිවි හානි කර ගැනීමක් ද යන්න පිළිබඳ හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
11
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12