spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කකුලේ තුවාලයකට බෙහෙත් ගන්න රෝහලට ගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටස් ගසක් යට (ඡායාරූප)

දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය පුද්ගලයෙකුගේ සිරුරේ අස්ථි කොටස් නොර්වුඩ් නිව්ටන් වතුයායේ ගසක් යට තිබියදී අද (20) හමුවී තිබෙනවා.

මෙලෙස හමු වූ අස්ථි කොටස් හැටන් දික්ඔය මාණික්‍ය වත්ත 3 වෙනි කොටස් පදිංචි 49 හැවිරිදි අයෙකුගේ බවටයි මියගිය අයගේ සොහොයුරා විසින් හඳුනාගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා පසුගිය ජුනි මස 24 වනදා පාදයේ තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දික්ඔය මුලික රෝහල වෙත යන බවට පවසා නිවසින් පිටත්ව ගොස් තිබුණා.

එදින ඔහු යළිත් නිවසට නොපැමිණ අතුරුදහන් වී සිටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් ද සිදු කළ බවයි මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා කියාසිටියේ.

අඩි තුනක් පමණ උසැති යුකැලිප්ටස් ගසක එල්ලා තිබු කමිසය හේතුවෙන් හමු වූ අස්ථි කොටස් තම සොහොයුරාගේ බවට විශ්වාස කරන බවයි මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා ප්‍රකාශ කර ඇත්තේ.

නිව්ටන් වත්තේ තණ කොළ කැපීමට ගිය පුද්ගලයෙකු ගසක් යට තිබු අස්ථි කොටස් දැක ඒ පිළිබඳ හැටන් පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

මෙය ස්භාවික මරණයක් ද, ඝාතනයක් ද, නැතහොත් සියදිවි හානි කර ගැනීමක් ද යන්න පිළිබඳ හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
10
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?