මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ නාය යාමකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ඉර්ෂාල්වාඩ් ප්‍රදේශයේ නාය යාමකින් පුද්ගලයන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

නායයෑම හේතුවෙන් සිරවී සිටින 100 කට වැඩි පිරිසක් බේරා ගැනීමට මෙහෙයුම් ආරම්භ වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මුම්බායි සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බටහිර ප්‍රාන්තයේ ඉර්ෂල්වාඩි නම් කඳුකර ගම්මානයේ මෙම නාය යාම සිදුවී ඇතැයි නිලධාරීන් පවසනවා.

මළ සිරුරු 10ක් ගොඩ ගෙන තිබූ අතර 80කට වැඩි පිරිසක් බේරාගෙන තිබෙනවා.

මෙම ගම්මානයේ අවම වශයෙන් පුද්ගලයන් 225ක් ජීවත් වූ බවට ගණන් බලා ඇති බවයි ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් ප්‍රාන්ත සභාවට ප්‍රකාශ කළේ.

ඔවුන්ගෙන් 100 කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට බිය පළ වී තිබෙනවා.

ගලවා ගැනීමේ සේවකයින්ට නායයෑම සිදු වූ ස්ථානයට ළඟා වීමට පැය දෙකකට ආසන්න කාලයක් ගමන් කිරීමට සිදු වන අතර ඇතැමුන් සුනඛයන් ද කැටුව යන බව සඳහන්.

ව්‍යසනයෙන් පැය 12 කට පමණ පසු මහා වර්ෂාව සහ මීදුම තුළ බෑවුමෙන් පහළට වැටෙන විශාල ගල් පර්වත මගහරිමින්, දැඩි වෙහෙසකින් පසු දිවි ගලවා ගත් අය සෙවීමට සිදු වූ බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා.

“ඇතැම් ස්ථානවල සුන්බුන් අඩි 10 සිට 29 දක්වා ගැඹුරුයි” මෙම ස්ථානයට බර යන්ත්‍රෝපකරණ ගෙන ඒම දුෂ්කරයි. එම ස්ථානයට ළඟා වීමට කිලෝමීටර 2.8 ක ගමනක් යා යුතු අතර බොහෝ කාලයක් ගත වීමට ඉඩ ඇති අපද්‍රව්‍ය අතින් ඉවත් කළ යුතුය.” යනුවෙන් ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරියෙකු වන එස්. බී. සිං ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට සඳහන් කර තිබෙනවා.

මීට වසර දෙකකට පෙර මෙම නාය යාම සිදුවූ ගම්මානය අවට වෙනත් ගම්මානයක සිදුවූ නායයාමකින් මිනිසුන් 80 කට වැඩි පිරිසක් මිය ගියා.

ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව, දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 400ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

අද වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ ද එහා එතරම් දැඩි නොවන බවයි කාලගුණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් ප්‍රකාශ කළේ.

මේ සතියේ වර්ෂාවෙන් බැට කෑ උතුරේ මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ප්‍රාන්තයේ වෙරළ තීරයට රතු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබුණා.

වර්ෂාවෙන් මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ප්‍රාන්ත දෙකෙහිම පාසල් වසා දමා ඇති අතර මාර්ග ජලයෙන් යටවී ප්‍රවාහනයට බාධා එල්ල වී තිබෙනවා.

ජූනි 1 වැනි දින මෝසම් වැසි සමය ආරම්භයේ සිට ඉන්දියාවේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 41% වැඩි වර්ෂාපතනයක් දක්නට ලැබෙන උතුරේ බොහෝ විට 100කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම සතියේ, යමුනා ගඟ වසර 45 කට පසු ප්‍රථම වතාවට උතුරා යමින් ටජ්මහල් සංකීර්ණයේ බිත්ති වෙත ළඟා වූ අතර, 17 වන සියවසේ ඉදි කෙරුණු සුදු කිරිගරුඬ සොහොන් ගෙය වටා ඇති ඓතිහාසික ස්මාරක සහ උද්‍යාන කිහිපයක් ද යට වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43