AFC Banner
Empty Ad
Empty Ad

මට කරන්න හදන්නෙත් ඩයනා කුමරියට කළ දේමයි

තමන්ටද බ්‍රිතාන්‍ය රජ පවුල කරන්නට හදන්නේ ඩයනා කුමරියට කරපු දේ බවට හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල් රජ පවුලට ප්‍රසිද්ධියේම චෝදනා කරයි. තමාගේ ප්‍රශ්නය ඩයනා කුමරියගේ ප්‍රශ්නයට වඩා වෙනස් බවත් එය බ්‍රිතාන්‍ය රජ පවුලට තිබෙන වර්ණවාදී හා ජාතිවාදී රෝගය මත ඇති වූවක් බවද මේගන් අවධාරණය කරයි. සිය කුසේ සිටි දරුවාටත් බ්‍රිතාන්‍ය රජ පවුල වෛර කළ බව එළිදරව් කරන මේගන් නූපන් දරුවා උපදින විට ඔහුගේ හමේ පාට කුමන පාටක් ගනී ද යන්න පිළිබඳව රජ පවුලේ සාකච්ඡා වී ඇති බවද හෙළිදරව් කරයි.

සිය පුත්‍රයාට රාජකීය උත්තම කුමරු යන නම්බුනාමය නොදීමට රජ පවුල තීරණය කළේ ඔහු මිශ්‍ර සම්භවයක් ඇති දරුවකු වීම නිසා බව ද පෙන්වා දෙන මේගන්, රජ කුමර කුමරියන්ට ලැබෙන ආරක්ෂාව සිය පුතුට නොලැබෙන බව ද මාලිගාවේ නිලධාරීන් තමාට දැනුම් දුන් බවද සදහන් කරයි. බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ්ල පුවත්පත් වලට චෝදනා කරන මේගන් ඔවුන් රජ පවුලටත් අන්ත බව සඳහන් කරයි. නිතරම තමා දෙස අවඥාවෙන් බැලූ පුවත්පත් තමා සම්බන්ධයෙන් බොරු ප්‍රවෘත්ති පළකරමින් තමාව හෙළා දුටු බවද සඳහන් කරන මේගන් මෙම පුවත්පත් තම පවුල බ්‍රිතාන්‍යයේ පදිංචිය අතහැර ඇමරිකාවේ පදිංචියට පැමිණීමට එක් හේතුවක් වූ බවද පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය රජ පවුලට පසුගිය වසර 200 තුළ විවාහයකින් එක්වුණු ප්‍රථම කළු ජාතික කාන්තාව තමා වීම හේතු කොටගෙන බකිංහැම් මාලිගාවේ සුදු නිලධාරීන් හා සේවකයන්ද තමන් කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් නොගෙන අවතක්සේරුවකට ලක් කළ බවටද මේගන් චෝදනා කරයි.

මේගන් ඇමරිකාවේ ජනප්‍රිය මාධ්‍යවේදිනියක වන ඔප්රා වින්ප්‍රේ සමග පැවැත්වූ සාකච්ඡාවකදී එම කරුණු හෙළිදරව් කොට තිබෙන අතර ඇය මීට පෙර විවාහයකින් දික්කසාද වී සිටීමද රජ පවුලට ප්‍රශ්නයක් වූ බව ප්‍රකට කරුණකි. හැරි කුමරුගේ මව වන ලොව අතිශයින්ම ගෞරවයට මෙන්ම ආදරයට පත් වූ ඩයනා කුමරිය මීට වසර 24 කට පමණ පෙර 1997 සැප්තැම්බර් මාසයේදී ප්‍රංශයේ දී සිදු වූ රිය අනතුරකින් මියගිය අතර ඒ වන විට ඇගේ පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුල ඇයව ඝාතනය කළ බවට මතයක්ද තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?