මට කරන්න හදන්නෙත් ඩයනා කුමරියට කළ දේමයි

තමන්ටද බ්‍රිතාන්‍ය රජ පවුල කරන්නට හදන්නේ ඩයනා කුමරියට කරපු දේ බවට හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල් රජ පවුලට ප්‍රසිද්ධියේම චෝදනා කරයි. තමාගේ ප්‍රශ්නය ඩයනා කුමරියගේ ප්‍රශ්නයට වඩා වෙනස් බවත් එය බ්‍රිතාන්‍ය රජ පවුලට තිබෙන වර්ණවාදී හා ජාතිවාදී රෝගය මත ඇති වූවක් බවද මේගන් අවධාරණය කරයි. සිය කුසේ සිටි දරුවාටත් බ්‍රිතාන්‍ය රජ පවුල වෛර කළ බව එළිදරව් කරන මේගන් නූපන් දරුවා උපදින විට ඔහුගේ හමේ පාට කුමන පාටක් ගනී ද යන්න පිළිබඳව රජ පවුලේ සාකච්ඡා වී ඇති බවද හෙළිදරව් කරයි.

සිය පුත්‍රයාට රාජකීය උත්තම කුමරු යන නම්බුනාමය නොදීමට රජ පවුල තීරණය කළේ ඔහු මිශ්‍ර සම්භවයක් ඇති දරුවකු වීම නිසා බව ද පෙන්වා දෙන මේගන්, රජ කුමර කුමරියන්ට ලැබෙන ආරක්ෂාව සිය පුතුට නොලැබෙන බව ද මාලිගාවේ නිලධාරීන් තමාට දැනුම් දුන් බවද සදහන් කරයි. බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ්ල පුවත්පත් වලට චෝදනා කරන මේගන් ඔවුන් රජ පවුලටත් අන්ත බව සඳහන් කරයි. නිතරම තමා දෙස අවඥාවෙන් බැලූ පුවත්පත් තමා සම්බන්ධයෙන් බොරු ප්‍රවෘත්ති පළකරමින් තමාව හෙළා දුටු බවද සඳහන් කරන මේගන් මෙම පුවත්පත් තම පවුල බ්‍රිතාන්‍යයේ පදිංචිය අතහැර ඇමරිකාවේ පදිංචියට පැමිණීමට එක් හේතුවක් වූ බවද පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය රජ පවුලට පසුගිය වසර 200 තුළ විවාහයකින් එක්වුණු ප්‍රථම කළු ජාතික කාන්තාව තමා වීම හේතු කොටගෙන බකිංහැම් මාලිගාවේ සුදු නිලධාරීන් හා සේවකයන්ද තමන් කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් නොගෙන අවතක්සේරුවකට ලක් කළ බවටද මේගන් චෝදනා කරයි.

මේගන් ඇමරිකාවේ ජනප්‍රිය මාධ්‍යවේදිනියක වන ඔප්රා වින්ප්‍රේ සමග පැවැත්වූ සාකච්ඡාවකදී එම කරුණු හෙළිදරව් කොට තිබෙන අතර ඇය මීට පෙර විවාහයකින් දික්කසාද වී සිටීමද රජ පවුලට ප්‍රශ්නයක් වූ බව ප්‍රකට කරුණකි. හැරි කුමරුගේ මව වන ලොව අතිශයින්ම ගෞරවයට මෙන්ම ආදරයට පත් වූ ඩයනා කුමරිය මීට වසර 24 කට පමණ පෙර 1997 සැප්තැම්බර් මාසයේදී ප්‍රංශයේ දී සිදු වූ රිය අනතුරකින් මියගිය අතර ඒ වන විට ඇගේ පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුල ඇයව ඝාතනය කළ බවට මතයක්ද තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14