ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 242යි

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ විය.

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න හා නිශාන් මදුමාල් අතරින්, නිශාන් ලකුණු 4කට දැවී ගියා. ශ්‍රීලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 8ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා. ඒ තරගයේ 6 වන පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබියදීයි.

කෙසේ වුවද තරගය යළි ආරම්භ වූ අතර ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රීලංකා මුල්පෙල පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. දිමුත් කරුණාරත්න ලකුණු 29කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි.

දිනේෂ් චන්දිමාල්ද එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියා. බිදවැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක්කළ ඇන්ජලෝ මැතිව්ස් හා ධනංජය ද සිල්වා පස්වන කඩුල්ලට අගනා ලකුණු 131 සබදතාවක් ගොඩ නැගුවා.

මැතිව්ස් ලකුණු 64කට දැවී ගිය අතර සදීර සමරවික්‍රම ද ලකුණු 36කට දැවී ගියා.

දිනය නිමා වන විට ධනංජය සිල්වා නොදැවී ලකුණු 94ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 242ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
4
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?