ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 242යි

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ විය.

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න හා නිශාන් මදුමාල් අතරින්, නිශාන් ලකුණු 4කට දැවී ගියා. ශ්‍රීලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 8ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා. ඒ තරගයේ 6 වන පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබියදීයි.

කෙසේ වුවද තරගය යළි ආරම්භ වූ අතර ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රීලංකා මුල්පෙල පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. දිමුත් කරුණාරත්න ලකුණු 29කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි.

දිනේෂ් චන්දිමාල්ද එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියා. බිදවැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක්කළ ඇන්ජලෝ මැතිව්ස් හා ධනංජය ද සිල්වා පස්වන කඩුල්ලට අගනා ලකුණු 131 සබදතාවක් ගොඩ නැගුවා.

මැතිව්ස් ලකුණු 64කට දැවී ගිය අතර සදීර සමරවික්‍රම ද ලකුණු 36කට දැවී ගියා.

දිනය නිමා වන විට ධනංජය සිල්වා නොදැවී ලකුණු 94ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 242ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භික්ෂූන් වහන්සේලා විරෝධතාවය අවසන් කරලා කොටුව උසාවියට යන්න සැරසෙයි
06:38
Video thumbnail
එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සුරේෂ් සලේව කැඳවයි
02:15
Video thumbnail
විරෝධතාවයේ සිටි භික්ෂූන් වහන්සේලා අට්ටාල ගලවගෙන යන හැටි - මහ සඟරුවන අධිකරණ තීන්දුවට ගරු කරයි
02:53
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13