ගිනි අවි පෙන්වා නිවසක් කොල්ලකෑ ප්‍රධාන සැකකරු අල්ලයි

ගිනි අවි පෙන්වා ඌරුබොක්ක හීනටිගොඩ ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයන් බිය ගන්වා මුදල් සහ දේපළ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 11 වනදා පැමිණි පිරිසක් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා අයුතු ලෙස සිරකර මුදල් සහ දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු සහ එක් සැකකාරියක් අපරාධයට පැමිණි මෝටර් රථය, සොරකම් කළ මුදල් සහ රන් භාණ්ඩ සමග මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.

වැඩිදුරටත් සිදු කරන ලද විමර්ශණයේදීයි මෙම අපරාධය මෙහෙයවූ ප්‍රධාන සැකකරු ඊයේ (15) කොලොන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අපරාධයට භාවිත කළ මෙරට නිශ්පාදිත ගිනි අවියක්, බෝර 12 පතුරම්, කොල්ලකන ලද මුදල් රුපියල් 250000ක්, කොල්ලකෑ මුදල්වලින් ලබාගත් ජංගම දුරකථන 2ක් සහ රන් මාලයක් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරුට ගාල්ල සහ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 4ක් ද නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

54 හැවිරිදි සැකකරු ඕමල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඌරුබොක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43