වයස අවුරුදු 13ක වන බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ ආඩිගම – සූරක්කුලම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි.
ආඩිගම – සූරක්කුලම ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් තම පියා සමඟ කුඹුරට ගොස් නැවත තනිව පැමිණෙමින් සිටිය දී අතර මඟ දී සැකකාර පුද්ගලයා විසින් දරුවාව රතඹලාඔය ආසන්නයේ ඇති කැලෑවකට ඇදගෙන යාමට උත්සාහ කර තිබෙනවා.
එහිදී දරුවා සැකකරුගෙන් පලාගොස් සිද්ධිය පිළිබඳව තම පියාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව දරුවාට සිදු වූ සිද්ධිය පිළිබඳව පල්ලම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.




