ආබාධිත පුද්ගලයින්ට ලයිසන් ගන්න නව ක්‍රමවේදයක්

ආබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබාගැනීමට නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක්, ප්‍රධාන මෝටර් ප්‍රවාහන පරීක්ෂකවරයෙක් සහ වෛද්‍යවරයකු එම කමිටුවට ඇතුළත්.

කිසියම් වාහන අංශයක් සඳහා රියැදුරු බලපත්‍ර ලබාගැනීමට ඉල්ලුම් කරන ආබාධිත පුද්ගලයකුට පවතින ආබාධිත තත්ත්වය මත තමා ඉල්ලුම් කළ වාහනය ධාවනය කිරීම සඳහා නිසි ශාරීරික යෝග්‍යතාවක් තිබෙනවා ද යන්න මූලිකව පරීක්ෂා කිරීම මෙම කමිටුව මඟින් සිදුකරනවා.

එලෙස සිදුකරන පරීක්ෂා කිරීම්වලින් පසු බාධාවක් නොවන බවට විශේෂඥ කමිටුව නිර්දේශ කරන්නේ නම් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය යට‍තේ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටිමින් ඒ සඳහා ඔහුට අවස්ථාව හිමිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26