spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආබාධිත පුද්ගලයින්ට ලයිසන් ගන්න නව ක්‍රමවේදයක්

ආබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබාගැනීමට නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක්, ප්‍රධාන මෝටර් ප්‍රවාහන පරීක්ෂකවරයෙක් සහ වෛද්‍යවරයකු එම කමිටුවට ඇතුළත්.

කිසියම් වාහන අංශයක් සඳහා රියැදුරු බලපත්‍ර ලබාගැනීමට ඉල්ලුම් කරන ආබාධිත පුද්ගලයකුට පවතින ආබාධිත තත්ත්වය මත තමා ඉල්ලුම් කළ වාහනය ධාවනය කිරීම සඳහා නිසි ශාරීරික යෝග්‍යතාවක් තිබෙනවා ද යන්න මූලිකව පරීක්ෂා කිරීම මෙම කමිටුව මඟින් සිදුකරනවා.

එලෙස සිදුකරන පරීක්ෂා කිරීම්වලින් පසු බාධාවක් නොවන බවට විශේෂඥ කමිටුව නිර්දේශ කරන්නේ නම් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය යට‍තේ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටිමින් ඒ සඳහා ඔහුට අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
8
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?