සාමනේර හිමිවරුන් 3 දෙනෙකු අපයෝජනය කළ භික්ෂුව රිමාන්ඩ්

සාමණේර හිමිවරුන් 3 දෙනෙකු අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ චීවරධාරියෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් හර්ෂණි රාජකරුණා මහත්මියයි ඊයේ මෙම නියෝගය ලබාදුන්නේ.

නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි සාමණේර හිමිවරුන් 3 දෙනෙකු අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (08) එම විහාරස්ථානයේ ම වැඩ සිටි හික්ෂුවක් පොලිස් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අපයෝජනයට ලක් වූ බව කියන සාමණේර හිමිවරුන් තිදෙනා සහ එම විහාරස්ථානයේ වැඩ සිටින සෙසු සාමණේර හිමිවරුන්ද නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටයි වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නාවලපිටිය පොලිසියට නියෝග කළේ.

නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය අභියස පිහිටි අදාළ විහාරස්ථානයේ වැඩ සිටින සාමණේර හිමිවරුන් 3 දෙනෙකු සැකකාර භික්ෂුව විසින් අපයෝජනය කර ඇති බවට ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශය විමර්ශන සිදු කර සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22