අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු කාන්තාවක් ද සමග අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ පොලිසියට අවශ්‍ය කර සිටි වරෙන්තුකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බෙම්මුල්ල සහ කිරිඳිවැල ප්‍රදේශවලදීයි.

ඊයේ උදෑසන බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයේදි ඔහු සොරකම් ඇතුලු විවිධ අපරාධ 35කට අවශ්‍ය වරෙන්තු 12ක් ඇති අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරු ගම්පහ, කැලණිය සහ මීගමුව යන ප්‍රදේශවල පොලිස් ස්ථානවලට වාර්තා වූ ගෙවල් බිඳුම් මෙන්ම දේපළ සොරකම් කිරීම ඇතුලු අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙක් බව සඳහන්.

33 හැවිරිදි සැකකරු හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු බෙම්මුල්ල, ජාඇල, සීදූව, මීගමුව, ගම්පහ, මීරිගම, වේයන්ගොඩ, රාගම, වීරගුල, කඩවත, ගණේමුල්ල, යක්කල, කටුනායක සහ කිරිබත්ගොඩ පොලිස් වසම්වල ගෙවල් බිඳුම් ගණනාවක් සිදු කර තිබෙනවා.

එහිදී රන් භාණ්ඩ, දේශීය හා විදේශීය මුදල් ඇතුලු දේපළ සොරකම් කිරීම, යතුරුපැදි හා පාපැදි සොරකම් කිරීම්, විදෙස් මත්පැන් බෝතල් සොරකම්, ණය කාඩ්පත් සොරකම් ඇතුලු සොරකම් ගණනාවක් ද සිදු කර ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

මෙම සැකකරු සොරකම් කළ විවිධ බර ප්‍රමාණයේ රන් කැබලි 16ක්, රන් කරාබු ජෝඩු 3ක්, රන් මුදු 2ක්, විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් 4ක්, යතුරුපැදියක්, මවුන්ටන් පාපැදියක්, විදෙස් මත්පැන් බෝතල් දෙකක්, රත් ඔරලෝසු 3ක්, ජංගම දුරකථන 7ක්, ග්‍රිල් යන්ත්‍ර 2ක්, විදුලි ස්ත්‍රික්ක 3ක්, පිත්තල ඇත් පිළිම 2ක්, පිත්තල මල් පෝච්චි 2ක්, විදුලි උඳුනක්, රූපවාහිනී යන්ත්‍රයක්, කේතලයක්, ලී ඉරන විදුලි අත් කියතක්, බ්ලෙන්ඩරයක් සහ ටැබ් යන්ත්‍රයක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බෙම්මුල්ල පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.

මේ අතර කිරිඳිවැල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි වරෙන්තුකරුවෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 300ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන මුදල් රුපියල් 45000ක් ද සොයාගෙන තිබෙනවා.

35 හැවිරිදි සැකකරු මයිලවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ද නිකුත් වී ඇති අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා සොරකම් කරන ලද යතුරුපැදියක් කොළොන්නාව ප්‍රදේශයේ තිබියදී ද ගෑස් සිලින්ඩරයක් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ කාන්තාවකට අලෙවි කර තිබියදී ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සොර බඩු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එම කාන්තාව ද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු සහ සැකකාරිය පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16