spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු කාන්තාවක් ද සමග අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ පොලිසියට අවශ්‍ය කර සිටි වරෙන්තුකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බෙම්මුල්ල සහ කිරිඳිවැල ප්‍රදේශවලදීයි.

ඊයේ උදෑසන බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයේදි ඔහු සොරකම් ඇතුලු විවිධ අපරාධ 35කට අවශ්‍ය වරෙන්තු 12ක් ඇති අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරු ගම්පහ, කැලණිය සහ මීගමුව යන ප්‍රදේශවල පොලිස් ස්ථානවලට වාර්තා වූ ගෙවල් බිඳුම් මෙන්ම දේපළ සොරකම් කිරීම ඇතුලු අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙක් බව සඳහන්.

33 හැවිරිදි සැකකරු හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු බෙම්මුල්ල, ජාඇල, සීදූව, මීගමුව, ගම්පහ, මීරිගම, වේයන්ගොඩ, රාගම, වීරගුල, කඩවත, ගණේමුල්ල, යක්කල, කටුනායක සහ කිරිබත්ගොඩ පොලිස් වසම්වල ගෙවල් බිඳුම් ගණනාවක් සිදු කර තිබෙනවා.

එහිදී රන් භාණ්ඩ, දේශීය හා විදේශීය මුදල් ඇතුලු දේපළ සොරකම් කිරීම, යතුරුපැදි හා පාපැදි සොරකම් කිරීම්, විදෙස් මත්පැන් බෝතල් සොරකම්, ණය කාඩ්පත් සොරකම් ඇතුලු සොරකම් ගණනාවක් ද සිදු කර ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

මෙම සැකකරු සොරකම් කළ විවිධ බර ප්‍රමාණයේ රන් කැබලි 16ක්, රන් කරාබු ජෝඩු 3ක්, රන් මුදු 2ක්, විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් 4ක්, යතුරුපැදියක්, මවුන්ටන් පාපැදියක්, විදෙස් මත්පැන් බෝතල් දෙකක්, රත් ඔරලෝසු 3ක්, ජංගම දුරකථන 7ක්, ග්‍රිල් යන්ත්‍ර 2ක්, විදුලි ස්ත්‍රික්ක 3ක්, පිත්තල ඇත් පිළිම 2ක්, පිත්තල මල් පෝච්චි 2ක්, විදුලි උඳුනක්, රූපවාහිනී යන්ත්‍රයක්, කේතලයක්, ලී ඉරන විදුලි අත් කියතක්, බ්ලෙන්ඩරයක් සහ ටැබ් යන්ත්‍රයක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බෙම්මුල්ල පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.

මේ අතර කිරිඳිවැල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි වරෙන්තුකරුවෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 300ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන මුදල් රුපියල් 45000ක් ද සොයාගෙන තිබෙනවා.

35 හැවිරිදි සැකකරු මයිලවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ද නිකුත් වී ඇති අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා සොරකම් කරන ලද යතුරුපැදියක් කොළොන්නාව ප්‍රදේශයේ තිබියදී ද ගෑස් සිලින්ඩරයක් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ කාන්තාවකට අලෙවි කර තිබියදී ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සොර බඩු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එම කාන්තාව ද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු සහ සැකකාරිය පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?