අධිකරණයෙන් පොලිසියට නියෝගයක්

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අධිකරණ නියෝග කඩ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද කොටුව පොලිසියට නියෝග කළා.

2021 වසරේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගුරුවරුන් 40 දෙනෙකු ඇතුළු පිරිසක් සිදු කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

මේ පිළිබඳ පැමිණිල්ලක් ගොනු කිරීමට අවසන් වශයෙන් දින ලබා දෙන බවයි මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ.

ඒ අනුව ලබන ඔක්තෝබර් 15 වනදා පැමිණිල්ලක් ගොනු කළ යුතු වන අතර එසේ නොකළහොත් සැකකරුවන් පිරිස මුදා හරින බවයි අධිකරණය පොලිසියට දැනුම් දුන්නේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එම උද්ඝෝෂණයට සහභාගී වූ ගුරුවරුන් 38 දෙනෙකු ඇතුළු සැකකරුවන් 42ක් නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී සිටියා.

විභාග රාජකාරි හේතුවෙන් ගුරුවරුන් දෙදෙනෙකු පෙනී නොසිටි අතර ඒ බව ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39