AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම කඳුකරයට තද වැසි – විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (02) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.

නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග විමසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

විමලසුරේන්ද්‍ර ජලාශයේ පිටාර ගැලීම හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බව ද ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කළා.

පවතින අධික වර්ෂාවත් සමග හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබෙනවා.

අදාළ එම මාර්ගවල රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?