දියේ ගිලීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු ප්‍රදේශ දෙකකදී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (01) මෙම අනතුරු සිදුවී ඇත්තේ ශ්‍රීපුර සහ බුත්තල ප්‍රදේශවලදීයි.

ඊයේ සවස ශ්‍රී පුර තිස්සපුර ප්‍රදේශයේ ඇලක දිය ක්‍රීඩා කරමින් සිටි ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් පසු බේරාගෙන ශ්‍රී පුර රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 12 සහ 15 වයස්වල පසුවන ළමුන් දෙදෙනා තිස්සපුර ප්‍රදේශයේ ම පදිංචිකරුවන්.

ඇල අසල තිබූ ගසකට නැග ඇලට පනිමින් සිටියදී ඔවුන් දෙදෙනාගේ හිස් එකිනෙක ගැටීමෙන් පසු ඇද වැටී දියේ ගිලී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෘත ශරීර පදවිය රෝහලේ තැන්පත් කර ඇති අතර ශ්‍රී පුර පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර ඊයේ සවස බුත්තල කලාප 02 ප්‍රදේශයේ වැවක මසුන් ඇල්ලීම වෙනුවෙන් දැල් එලීමේ නිරතව සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

දියේ ගිලුණු ඔහු බේරාගෙන බුත්තල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

බුත්තල ප්‍රදේශයේම පදිංචි මෙම පුද්ගලයා 67 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර බුත්තල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18