spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියේ ගිලීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු ප්‍රදේශ දෙකකදී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (01) මෙම අනතුරු සිදුවී ඇත්තේ ශ්‍රීපුර සහ බුත්තල ප්‍රදේශවලදීයි.

ඊයේ සවස ශ්‍රී පුර තිස්සපුර ප්‍රදේශයේ ඇලක දිය ක්‍රීඩා කරමින් සිටි ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් පසු බේරාගෙන ශ්‍රී පුර රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 12 සහ 15 වයස්වල පසුවන ළමුන් දෙදෙනා තිස්සපුර ප්‍රදේශයේ ම පදිංචිකරුවන්.

ඇල අසල තිබූ ගසකට නැග ඇලට පනිමින් සිටියදී ඔවුන් දෙදෙනාගේ හිස් එකිනෙක ගැටීමෙන් පසු ඇද වැටී දියේ ගිලී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෘත ශරීර පදවිය රෝහලේ තැන්පත් කර ඇති අතර ශ්‍රී පුර පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර ඊයේ සවස බුත්තල කලාප 02 ප්‍රදේශයේ වැවක මසුන් ඇල්ලීම වෙනුවෙන් දැල් එලීමේ නිරතව සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

දියේ ගිලුණු ඔහු බේරාගෙන බුත්තල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

බුත්තල ප්‍රදේශයේම පදිංචි මෙම පුද්ගලයා 67 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර බුත්තල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
3
+1
12
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?