AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ නෙදර්ලන්තය සමගයි.

බුලවායෝ හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

සුපිරි 6 දෙනාගේ වටයේ දෙවන තරගය වන මෙය දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමානය අතර පැවැත්වු අතර ඉන් ජය හිමිවූයේ සිම්බාබ්වේ කණ්ඩායමටයි.

බී කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ඕමානය සහ ස්කොට්ලන්තය සමග පැවති තරග ජය ගත්තා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

ශ්‍රී ලංකාව සමග අද තරග බිමට පිවිසෙන නෙදර්ලන්ත කණ්ඩායම ඒ කාණ්ඩය යටතේ තරග වැදී ඇමරිකා, කොදෙව් සහ නේපාල කණ්ඩායම් පරාජයට පත් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින කණ්ඩායමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?