මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) නව සභාපතිවරයා ලෙසට මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්‍නායක මහතා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ තනතුර සඳහා යි මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා නම් කර ඇත්තේ.

ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ පසුගිය මැයි මාසයේදී පාර්ලිමේන්තුවේදී යෝජනාවක් විවාදයට ගෙන සම්මත වීමෙන් පසුවයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව ජනක රත්නායකට එරෙහිව එම පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විදුලි බිල සංශෝධනය, විදුලිය විසන්ධි වන කාලසීමාව ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීම් කිහිපයකින් පසුවයි ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාව ඉදිරිපත් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21