spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) නව සභාපතිවරයා ලෙසට මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්‍නායක මහතා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ තනතුර සඳහා යි මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා නම් කර ඇත්තේ.

ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ පසුගිය මැයි මාසයේදී පාර්ලිමේන්තුවේදී යෝජනාවක් විවාදයට ගෙන සම්මත වීමෙන් පසුවයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව ජනක රත්නායකට එරෙහිව එම පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විදුලි බිල සංශෝධනය, විදුලිය විසන්ධි වන කාලසීමාව ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීම් කිහිපයකින් පසුවයි ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාව ඉදිරිපත් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?